වැට් බදු රසායනික පොහොරවලින් ඉවත් කිරීමට අවධානය

January 02, 2024 - 6:20 PM
එළඹෙන යල කන්නයේ දී රසායනික පොහොර සඳහා වැට් බදු ඉවත් කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙවර මහ කන්නයේ වගා සඳහා අවශ්‍ය සියලු රසායනික පොහොර මේ වන විට රටට ගෙන්වා ඇතිතේ පැරණි මිල ගණන්වලට බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
ඒ සඳහා වැට් බදු අය කර නොමැති බැවින් දැනට අලෙවි කරන යුරියා, MOP, TSP වැනි රසායනික පොහොර සඳහා වැට් බදු එකතු කර පොහොර මිල ඉහළ නැංවීමේ අවශ්‍ය නොවන බවද සඳහන්. 
 
කූඨ වෙළෙන්දන් වැඩි මිල ගණන් යටතේ⁣ පොහොර අලෙවි කළහොත් ඔවුන්ගෙන් බිල්පතක් ගෙන එය කෘෂිකර්ම අමාත්‍යාංශයට එවන ලෙසත් ඒ අනුව ඊට අවශ්‍ය නීති පියවර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)