රජයේ නිල නිවාස භාර දෙන්න යැයි යළි සිහි කැඳවීම්

October 18, 2024 - 11:47 AM
රජයේ නිල නිවාස භාර දෙන ලෙස හිටපු අමාත්‍යවරුන්ට යළි සිහි කැඳවීම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ නිල නිවාසවලින් මෙතෙක් භාරදී ඇත්තේ නිවාස 14ක් පමණක් බවයි.

එවක සිටී අමාත්‍යවරුන් 28දෙනෙක්ට නිල නිවාස නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

අමාත්‍යාංශය සඳහන් කළේ නිල නිවාස භාරදීමේදී ඒවායේ හිඟ විදුලි බිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවයි.

සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක් රජයේ නිල නිවාස යළි භාර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

(lknews.lk)