චමරි අතපත්තුගෙන් වාර්තාවක්

April 18, 2024 - 10:06 AM
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරගාවලිය එකට එකක් ලෙස සම කරමින් කඩුලු හයක ජයක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ ඊයේ (18) දකුණු අප්‍රිකාවේ Senwes Park ක්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තම වෘත්තීය දිවියේ හොඳම එක් දින ලකුණු ලෙස නොදැවී 195ක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ලබා දුන් ලකුණු 301ක දැවැන්ත ඉලක්කය හඹා යමින් කඩුළු 4 කට ලකුණු 305ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ ජය වාර්තා කළා.

එමෙන්ම ලෝක කාන්තා එක්දින තරගවලදී පිතිකාරිනියක් ලෙස චමරි ලබා ගත් ලකුණු 195 තෙවැනි ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්වන බවයි සඳහන් වන්නේ.

මෙය ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියක ඉහළම සාර්ථක හඹායමද වන බව වාර්තා වනවා.


(lknews.lk)