වනිඳුගෙන් වාර්තාවක් - ලංකාවෙන්ම අංක එකට

June 08, 2024 - 4:14 PM
ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා බවට වනිඳු හසරංග අද (08) පත්වුණා.

ඒ ලෝක කුසලානයට අදාළව බංගලාදේශයට එරෙහිව අද පැවති තරගයේදී කඩුලු 2ක් බිඳ හෙලීමත් සමඟයි.

මීට පෙර මෙම වාර්තාව සතු වුයේ ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 107ක් දවා ගත් ලසිත් මාලිංගටයි.

මේ වන විට වනිඳු හසරංග ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 108ක් බිඳ හෙලා තිබෙනවා.

(lknews)