2023 අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් සියල්ල මහා භාණ්ඩාගාරය නිදහස් කෙරේ

December 30, 2023 - 2:55 PM
2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් ක්කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලු ම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මෙලෙස නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය වසර 25ක කාලය තුළ වසරක් තුළදී එම වසරේ අනුමත සියලු ගෙවීම් පියවූ එක ම වසර බවට ඒ අනුව 2023 වසර පත් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස වන විට ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂිත ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් 19 දක්වා එදිනට විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා ද විශ්‍රාමික පාරිතෝෂිත දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල්ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇති බව ද සඳහන්.
(lknews.lk)