කොල්ලකරුවන්ගෙන් බේරුණු ධීවරයින්ගෙන් ඉල්ලීමක්

February 16, 2024 - 10:46 AM
පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වී පසුව මුදා ගත්, මේ වන විට සී ෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ධීවරයින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඔවුන්ට පානය සඳහා ජලයවත් නොලැබෙන බවත්, තමන්ව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ඊයේ (15) හලාවත පැවති මාධ්‍ය හමුවකට සී ෂෙල්ස් රාජ්‍යයේ සිට එක් වෙමින් ඔවුන් කියා සිටිය.

දික්ඕවිට ධීවර වරායෙන් මංගල මුහුදු ගමනට එක්වූ ලොරෙන්සෝ පුතා 04 බහුදින ධීවර යාත්‍රාවේ සිටි මෙරට ධීවරයින් 07 දෙනා මුදා ගැනීමට සී ෂෙල්ස් වෙරළ ආරක්ෂක බලකාය පසුගිය 1 වනදා කටයුතු කළා.

ඔවුන් මේ වන විට එරට ආරක්ෂක අංශ භාරයේ රැඳී සිටිනවා.
(LKNEWS)