ඌරන් ප්‍රවාහනයට සීමා

October 18, 2024 - 12:05 PM

දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය අද (18) සිට අත්හිටුවා තිබෙනවා.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමාලි කොතලාවල ප්‍රකාශ කළේ ඌරන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව බස්නාහිර වයඹ ඇතුළු පළාත් කිහියක එම වෛරස් රෝගය ව්‍යාප්ත වන බව ඇය ප්‍රකාශ කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මේ වන විට එන්නත්කරණය ආරම්භ කර ඇති බවයි.

(lknews.lk)