දියවැඩියාව ගැන හෙළිදරව්වක්

November 02, 2024 - 4:52 PM
මෙරට නාගරික ජනතාවගෙන් 23%ක් දියවැඩියාවට ගොදුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ 30%ක් පූර්ව දියවැඩියා ලක්ෂණවලින් පෙලෙන බවයි.

මේ වන විට මෙරට දියවැඩියා රෝගී ප්‍රතිශතය 14%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද ඇය ප්‍රකශ කළා.

වෛද්‍ය ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ දියවැඩියාව හේතුවෙන් මෙරට තුළ සෑම පැයකට වරක්ම එක් අයෙකුගේ පාදයක් අහිමිවන බවයි.


(lknews.lk)