සහල් පාලන මිල ගැන රජයෙන් දැඩි අවධානයක්

October 26, 2023 - 9:35 AM
පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන්නේ නම්, සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. 

 අමත්‍යවරයා සඳහන් කළේ, සම්බා ඇතුළු සහල් වර්ග කිහිපයක පාලන මිලට වඩා වැඩි මිලකට අළෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුව ඊයේ (25) රැස් වූ අවස්ථාවේදී ද මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. 
 
පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළඳුන් සොයා අද (26) සිට වැටලීම් සිදු කිරීමට නියමිත බව ද අමත්‍යවරයා සඳහන් කළා. 
 
ඒ අනුව සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 230 කට, නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 220 කට, කිරී සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 260 ක් ලෙස ද පාලන මිලක් පනවා තිබෙනවා. 
 
එම මිල ගණන් ඉක්මවා සහල් අළෙවි කරන වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බව ද වෙළඳ අමාත්‍යවරයා අවධාරණය කළා.
(lknews.lk)