සහල් වැඩි මිලට විකුණුවොත් දැනුම් දෙන්න අංකයක්

October 30, 2023 - 5:35 PM

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

1977 අංකයට වෙළෙදුන් සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙසටයි, එම අධිකාරිය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා ඇත්තේ.

පාරිභෝගික අධිකාරිය මගින් සුදු හා රතු නාඩු සහල් කිලෝව රුපියල් 220ක පාලන මිලක් නියම කළා.

එමෙන් ම කීරි සම්බා කිලෝව රුපියල් 260 ක් ද සම්බා කිලෝව රුපියල් 230 ක් ද රතු හා සුදු කැකුළු කිලෝව රුපියල් 210 ක් ද වශයෙන් ද එම මිල නියම කෙරුණා.

පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ, මෙම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙදුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බවයි.
(lknews.lk)