ධාන්‍ය මිල ඉහළ යාමක්

December 26, 2023 - 3:20 PM
වෙළඳපළේ ධාන්‍ය වර්ග වල මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තල, මුං, කව්පි, මෑ සහ උඳු යන ධාන්‍ය වර්ගවල මිල මෙලෙස ඉහළ ගොස් ඇත්තේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොහැකි වීම හේතුවෙන්.

අද වන විට තල කිලෝවක් රුපියල් 950 දක්වාත් කව්පි කිලෝවක් රුපියල් 800 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.

එසේම මුං ඇට කිලෝවක් 700ත් 750ත් අතර මිලකට අලෙවි වෙනවා.
(lknews.lk)