දෛනික විදුලි ඉල්ලුමේ ඉහළ යාමක්

January 25, 2024 - 6:21 PM
දෛනික විදුලි ඉල්ලුම් මේ වන ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන්. 
 
කෙසේවෙතත් ජල විදුලි නිෂ්පාදනය අඩු වෙමින් තිබෙන බවයි එම මණ්ඩලය පැවසුවේ. 
 
පසුගිය දිනවල පැවති වැසි තත්වය නිසා දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 40-42 අතර ප්‍රමාණයක තිබුණු බවත්, ජල විදුලි නිෂ්පාදනය 75% ඉක්මවා ගොස් තිබූ බවත්, මීට සාපේක්ෂව තාප විදුලි නිෂ්පාදනය 20% කට අඩු මටට්මක පැවති බවත් එම මණ්ඩලය පෙන්වා දෙනවා. 
 
මහා පරිමාණ ජල මූලාශ්‍ර ආශ්‍රිතව පිහිටුවා තිබෙන ජලවිදුලි බලාගාරවලින් 34.46ක විදුලි ප්‍රමාණයක් හා කුඩා ජල මූලාශ ආශ්‍රිතව පිහිටුවා තිබෙන ජල විදුලි බලාගාරවලින් 7.12% ක විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන අතර ඉතිරි විදුලි ප්‍රමාණය පුනර්ජනනිය බලශක්ති ක්‍රම මගින් නිෂ්පාදනය කරගෙන තිබෙනවා.
(lknews.lk)