ගංගා දෙකක් ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටම ඉක්මවයි

October 24, 2023 - 10:48 AM
නිල්වලා ගඟ තල්ගහගොඩින් සහ පානදුගම ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 
ගිං ගගේ ජල මට්ටම ද බද්දේගමින් ඉහළ යමින් පවතින බවයි එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ. 
 
ඒ අනුව මෙම ගංගා දෙපස පහත් බිම්වල ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(lknews.lk)