ගංඟා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළට

September 29, 2023 - 10:24 AM
පවතින වර්ෂාවත් සමඟ නිල්වලා, ගිං සහ කළු ගංඟාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
අධ්‍යක්ෂ (ජල විද්‍යාව සහ ආපදා කළමනාකරණය) - වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉංජිනේරු. එස්.පී.සී සුගීෂ්වර මහතා කියා සිටියේ ගංගා දෙපස ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි. 
 
වර්ෂාවත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල දැඩි මීදුම් තත්ත්වයක් ද පවතින බව වාර්තා වනවා. 
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි. 
 
මේ අතර කළුතර, මහනුවර, මාතර, රත්නපුර, ගාල්ල, හම්බන්තොට සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම සිකුරාදා (29) පස්වරුව දක්වා දීර්ඝ කර තිබෙනවා.
 
මේ අතර ඉහළ මහවැලි පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි හමුවේ පොල්ගොල්ල මහවැලි වේල්ලේ තවත් වාන් දොරටු 02 විවෘත කර තිබෙනවා. ඒ අනුව මේ වනවිට විවෘත කර ඇති එහි සමස්ත වාන් දොරටු සංඛ්‍යාව 04 ක්.
(lknews.lk)