සෝමාවතිය පුදබිමට යන මාර්ගය තව දුරටත් වසා තැබේ

December 18, 2023 - 11:34 AM
වැසි තත්ත්වය හමුවේ වසා දැමුණු සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දමා ඇති බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වන්දනාකරුවන්ට දැනුම් දී ඇත්තේ සෝමාවතිය පුදබිමට නැවත දැනුම් දෙන තෙක් පැමිණීමෙන් වළකින ලෙසයි.

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් පෙරේදා (16) මෙම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය නවතා දමනු ලැබුවා.
(lknews.lk)