රුහුණු කුමාරි හෙට සිට යළි මාතරට

January 15, 2024 - 3:29 PM
රුහුණු කුමාරි දුම්රිය හෙට (16) සිට නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා මාතර සිට රුහුණුකුමාරි දුම්රිය නැවතත් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් තමා වෙත කළ දැනුම්දීම් අනුව රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර සිට ධාවනය කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළා. 
 
එමෙන්ම ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබුණු පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
(lknews.lk)