රුපියල අවප්‍රමාණ වෙයි

November 26, 2024 - 3:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.66ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.67ක් ලෙසයි.

(lknews.lk)