රුපියල තවත් ශක්තිමත් වෙයි

March 01, 2024 - 6:57 PM
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

මහබැංකු වාර්තාවලට අනුව ඩොලරයක ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 304.71ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 314.23ක් ලෙස සටහන්ව තිබුණා.
(lknews)