වසරේ පළමු සතියේ රුපියල අතිප්‍රමාණ වෙයි

January 07, 2024 - 5:36 PM
මෙම වසරේ පළමු සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට බින්දුවයි දශම පහකින් අතිප්‍රමාණ වී තිබෙනවා.

එමෙන්ම මෙම කාලපරිච්ඡේදය තුළ ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට බින්දුවයි දශම හයකින් අතිප්‍රමාණ වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකයේ දැක්වෙන්නේ රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 2.8කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට බින්දුවයි දශම අටකින් සහ යුරෝවලට සාපේක්ෂව සියයට 1.6කින් අතිප්‍රමාණ වී ඇති බවයි.
(lknews.lk)