සචිත්‍ර සේනානායක යළිත් රිමාන්ඩ්

September 15, 2023 - 1:26 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. 
ඒ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් හමුවට අද (15) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 
 
තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 6 වනදා නීතිඥයෙකු මාර්ගයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත භාරවීමෙන් අනතුරුව සචිත්‍ර සේනානායක අත්අඩංගුවට ගත්තා. 
 
අද (15) දිනයේ ඔහුගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටියද මහේස්ත්‍රාත්වරයා විසින් එය ප්‍රතික්ෂේප කළා.
(lknews.lk)