සජබෙ මන්ත්‍රීවරුන් කලු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට

January 09, 2024 - 11:23 AM
සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කළු ඇඳුමින් සැරසී විරෝධතාවක නිරත වුණා.

ඒ වැට් බදු අය කිරීම සහ ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින්. 
 
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී මැති සබයට අද පැමිණ සිටීම විශේෂ සිදුවීමක් වනවා. 
 
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා.
(lknews.lk)