සමලිංගිකයින්ට එකට ජීවත්වීමට අවසර ලැබෙයි

October 17, 2023 - 6:44 PM
සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා වූ අභියාචනය ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද (17) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියානු අගවිනිසුරු ධනංජය යෙෂ්වන්ත් චන්ද්‍රචුඩ් ප්‍රකාශ කළේ, මේ සඳහා තීරණයක් ලබාදීම අධිකරණ සීමාවෙන් පිටත පවතින බවයි.

එමෙන්ම විවාහය සම්බන්ධ නීති සකස්විය යුත්තේ එරට පාර්ලිමේන්තුව විසින් බවයි ඔහු පැවසුවේ.

නමුත් සමලිංගික සහකරුවන් හට දරුවන් රැකබලා ගැනීමට පමණක් අවසර දෙන බව වැඩිදුරටත් සඳහන්.
(lknews.lk)