PHOTOS | රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වෙයි

January 25, 2024 - 8:04 AM
කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි. 
 
අනතුරුව එම රථය ආරක්ෂක වැටේ ගැටී තිබෙනවා. 
 
අනතුරින් බරපතළ තුවාල ලැබූ රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියදුරා රාගම රෝහලට ඇතුළු කර තිබුණා. 
 
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ. 
 
කටුනායක අධිවේගයේ R 11.1 කිලෝමීටර් කණුව අසල දී අද පාන්දර 2ට පමණ එම අනතුර සිදුව තිබුණා. 
 
එහිදී මියගොස් සිටි ආරක්ෂක නිලධාරියා, ජයකොඩි නම් පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.
(lknews.lk)


May be an image of car
May be an image of 3 people and car
May be an image of 1 person and car
No photo description available.
May be an image of 2 people
No photo description available.
May be an image of 1 person
May be an image of 4 people, car and road