PHOTO | රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මරණයේ ගමන ගෙන ගිය මංගල ගමන් 2ක

January 25, 2024 - 12:29 PM
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ රාත්‍රීයේ විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී කටුනායක අධිවේගී මාර්ගයේදී අනතුරට ලක්ව වූ බව වාර්තා වනවා.

ඒ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති මංගල උත්සව දෙකකට සහභාගී වීමෙන් අනතුරුවයි.

එම විවාහ උත්සව දෙක අතුරින් බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති මංගල උත්සවයේදී මනාල යුවළ විසින් සනත් නිශාන්ත මහතා සමග ලබාගත් සෙල්ෆි ඡායාරූපය Facebook ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය දැක ගැනීමට මැති ඇමතිවරුන් ඇතුළු කලා තරු බොහෝමයක් අද (25) රාගම රෝහල වෙත පැමිණ සිටියා.
(lknews.lk)