සනත් නිශාන්තගේ රියදුරු රිමාන්ඩ්

January 27, 2024 - 7:26 AM

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ රියදුරු පෙබරවාරි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

රියදුරු ප්‍රභාත් එරංග පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ කොළඹ බලා යමින් සිටියදී වමෙන් මෝටර් රථයක් ඉස්සර කර කන්ටේනර් රථයක හැප්පුණු බවයි.

රාජ්‍ය අමාත්‍ය නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි පසුගිය ජනවාරි 25 වැනි බ්‍රහස්පතින්දා රිය අනතුරින් අවාසනාවන්ත ලෙස මිය ගියා.

මේ අතර කොස්තාපල් පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතා සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

(lknews.lk)