PHOTOS | ගම්පහ දරුවන් 5108කට ශිෂ්‍යත්ව රැසක්

July 17, 2024 - 5:40 PM
ආර්ථික දුෂ්කරතා පවතින දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතාව සුරක්ෂිත කරමින් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ දරු දැරියන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම අද (17) සිදු වුණා.

ඒ අනුව මෙම  ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 5108ක් බවයි වාර්තා වන්නේ.

මෙහිදී උසස් පෙළ සිසුන් සඳහා මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව 242ක් ද 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 4866ක් සඳහා මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ද පිරිනැමීම සිදු වුණා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහින්ද රාජපක්ෂ ඇතුළු ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ තවත් බොහෝ පිරිසක් එක්ව සිටියා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වය යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වනවා.



(lknews)