හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ශිෂ්‍යත්ව රැසක්

July 16, 2024 - 2:38 PM
ආර්ථික අර්බුදය හමුවේ වුවද දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු ක්‍රමානුකූලව සිදු කරගැනීම සඳහා අත හිතදීම අරමුණු කර ගනිමින් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන ඊයේ (15) හම්බන්තොට දිස්ත්‍රික්කයේදී පැවැත්වුණා.

මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116000ක් පිරිනැමීමට නියමිතයි.

ඒ අනුව එක් කලාපයකින් සිසුන් 60 බැගින් කලාප 03කට අයත් අ.පො.ස උසස් පෙළ හදාරන සිසුන් 180 දෙනෙක්ට මෙම ශිෂ්‍යත්ව ප්‍රධානය සිදු කර තිබෙනවා.

(lknews)