කළුගංතොටටත් ශිෂ්‍යත්ව රැසක්

July 18, 2024 - 8:40 PM
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා සහිත දරු දැරියන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරමින් ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව 2024 වැඩසටහනේ තවත් අදියරයක් ඊයේ (17) ක්‍රියාත්මක කර තිබෙනවා.

කලළුතර දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 3කට අයත් උසස් පෙළ දරුවන් 180ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් 4390ක් වෙනුවෙන් මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වුණා.

මෙහි දී උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙන් සඳහා මසකට රු.3000ක් වටිනා ශිෂ්‍යත්ව ලබා දීම සිදු කර තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දායකත්වය යටතේයී.

(lknews)