නිදහස් අධ්‍යාපනයට සවියක් වෙමින් මුලතිව් දරුවන්ටත් ශිෂ්‍යත්ව රැසක්

July 22, 2024 - 3:44 PM
ආර්ථික අපහසුතා සහිත උතුරේ දරුවන්ටත් අධ්‍යාපනයේ සම අයිතිය සුරක්ෂිත කරමින් උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ දරුවන් වෙත ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම පසුගියදා සිදු වුණා.  

එම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 02කට අයත් සිසු දරු දැරියන් 1148ක් වෙත මෙම අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දී තිබෙනවා.

මෙහිදී උසස් පෙළ දරුවන් 120ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් 1028කට මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු වුණා.

මෙම වැඩසටහන සඳහා දායකත්වය දෙනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.

(lknews)