PHOTOS | මඩකලපුවේ දරුවන්ටත් ශිෂ්‍යත්ව රැසක්

July 17, 2024 - 2:24 PM

ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කරමින් පවතින පසුබිමක වුවද දැයේ සියලු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය උදෙසා ක්‍රියාත්මක ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව 2024 වැඩසටහනේ තවත් අදියරයක් ඊයේ (16)  නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දරු දැරියන් වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන කලාප 05කට අයත් දරු දැරියන් 6736ක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීම ඊයේ සිදු වුණා.

එහිදි උසස් පෙළ සිසුන් සඳහා මසකට රු.6000ක් වටිනා ශිෂ්‍යත්ව 300ක් ද 1 ශ්‍රේණිය් සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා මසකට රු.3000 බැගින් වූ ශිෂ්‍යත්ව 3436ක් ද ලබා දී තිබෙනවා.
 
මේ වැඩසටහන සඳහා පූර්ණ දායකත්වය සපයනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින්.


(lknews)