රටේ ජල - විදුලි පහසුකම් නැති පාසල් කිහිපයක් හඳුනා ගනී

August 06, 2024 - 2:23 PM
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ රටෙහි ජල පහසුකම් නොමැති පාසල් 48ක් සහ විදුලි පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනා ගෙන ඇති බවයි.

එමෙන්ම ආරක්‍ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් සොයා ගත් බවද ඔහු පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විදුලි පහසුකම් නොමැති පාසල්වල සිටින දරුවන් ගණන හතලිහ-පනහ පමණ වන බවයි.

(lknews)