2024 වර්ෂය තුළ පාසල් විභාග පැවැත්වෙන දිනයන් මෙන්න

March 01, 2024 - 6:43 PM
2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් පිළිබඳ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 06 සිට මැයි 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය පැවැත්වෙන්නේ 2024 සැප්තැම්බර් 15 වැනි ඉරිදා දිනයේදීයි.

එමෙන්ම, අ.පො.ස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 දක්වා පැවැත්වීමට නියමිතයි.

2024ට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත යෝජිත දිනයන් ඉදිරීයේ දී දැනුම් දෙන බවයි සඳහන් වන්නේ.
(lknews)