පාලනයෙන් ගිලිහුණු පාසලක් පොළොන්නරුවෙන් හමුවෙයි

February 15, 2024 - 5:58 PM
පොළොන්නරුව, දළුකාන, මලියදේව මහා විද්‍යාලයේ සිසු දරුවන් හට වසර ගණනාවක සිට බලපා ඇති ගුරු හිඟය සහ යටිතල පහසුකම් වල පවතින දුර්වලතා හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විසඳුමක්  ගෙන නොමැති බවයි දරුවන්ගේ දෙමාපියන් කියා සිටියේ.

ළමුන් 300ක් පමණ ඉගෙනුම ලැබූ මෙම පාසලේ සිසු සංඛ්‍යාව මේ වන විට 69ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

වසර කිහිපයක සිට නඩත්තු නොකිරීමෙන් විනාශ මුඛයට පත් වී යන මෙම පාසලේ දැනට සේවය කරන්නේ ගුරුවරුන් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.

සිසු දැරියන් හට නිසි අධ්‍යාපනයක් මෙමගින් නොලැබෙන බව සඳහන් කරමින් දරුවන් සහ දෙමාපියන් පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
(LKNEWS)