පාසල් ළමුන් සඳහා සපත්තු වවුචර් පතක්

November 27, 2023 - 6:42 PM
පාසල් ළමුන් සඳහා සපත්තු වවුචර් පත් ලබා දීම 2023 දෙසැම්බර් 04 සිට 27 දක්වා සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
මෙම වවුචර් පත් දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා ලෙස ඛාණ්ඩ 03ක් යටතේ පාසල් දරුවන්ට ලබාදෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 
 
ඒ අනුව දරුවන් හත් ලක්ෂ හතළිස් දහසකට (740,000) වවුචර් පත් බෙදා හැරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)