අනුරාධපුරයේ පාසල් 11ක් වැසෙයි

June 11, 2024 - 6:14 PM
අනුරාධපුර, මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් මේ මස 18 වනදා සිට 20 වනදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ පොසොන් උත්සවය නිමිත්තෙන්.

අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක් අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසල, වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවත්තකචේතිය ජාතික පාසැල, සහිරා ජාතික පාසැල, විවේකානන්ද මහා විද්‍යාලය, දේවානම්පියතිස්සපුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය එලෙස වසා තබන පාසල් වනවා.

(lknews)