SL Vs BAN - Test | දිනය නිමා වන විට සිංහයන් 455ක් ඉදිරියෙන්

April 01, 2024 - 5:11 PM

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනය අද (01) පැවැත්වුණා.

එහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 178ක් ලබා ගත්තා.

පසුව සිය දෙවෙනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 455ක් ඉදිරියෙන් සිටිනවා.
 
(lknews.lk)