අතුරුගිරියේ අන්තර් හුවමාරුවේ මුදල් වංචා කළ 22 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

June 26, 2024 - 1:37 PM
රුපියල් මිලියන ගණනක මූල්‍ය වංචාවක් හේතුවෙන් අතුරුගිරිය අන්තර් හුවමාරුවේ මුදල් අයකැමිවරුන් 22 දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර පවසනවා.

මෙම මූල්‍ය වංචාව පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ පිහිටි අතුරුගිරිය අන්තර් හුවමාරුවේදී සිදුව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ප්‍රියන්ත සූරියබණ්ඩාර ප්‍රකාශ කළා.

2020 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් විදුලි අර්බුදය ප්‍රයෝජනයට ගනිමින් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව මුලින් සිදු කර ඇති බව මූලික විමර්ශනවලින් හෙළි වී  තිබෙනවා.

CCTV කැමරා ක්‍රියාත්මක නොවන පරිදි මුදල් අයකැමියන් විදුලිය විසන්ධි කර ඇති අතර හුවමාරුව හරහා ගමන් කරන රියදුරන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව සඳහන්.

(lknews)