ශම්මි කළ යෝජනාවෙන් ජේ ෂා නැවතත් ACC සභාපති ධූරයට

January 31, 2024 - 8:26 PM
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට එහි වත්මන් සභාපති ඉන්දියාවේ ජේ ෂා අද (31) තෝරාගනු ලැබුවා.

ඒ තවත් වසරක කාලයක් සඳහායි.

මේ සඳහා ඔහුගේ නම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ සභා රැස්වීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින්.

එම යෝජනාවට ආසියානු ක්‍රිකට් සාමාජික රටවල් කිසිවක් විරෝධය දක්වා නැති බවයි වාර්තා වන්නේ.
(LKNEWS)