විශේෂඥ වෛද්‍යවරු හිඟයක්

April 20, 2024 - 11:52 AM
මෑත කාලයේ දී රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනෙකු රට හැර ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළි වී තිබෙනවා.

බොහෝ වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව ‍යන රටවල් සඳහායි.

මෙසේ විදේශ ගත වීමට ප්‍රධාන හේතුව ආර්ථික ගැටලු නිසා බවයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.

(lknews.lk)