නාරම්මලදී වෙඩි තැබූ එස්. අයි යළි රිමාන්ඩ්

January 23, 2024 - 4:52 PM
ඉකුත් 18 වැනි දා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී, තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 31 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (23) තීරණය කළා.

ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා, අද නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එම සිද්ධියෙන් මිය ගියේ නාරම්මල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක් වන රොෂාන් කුමාරතිලක නමැති තිදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
(lknews.lk)