විශේෂ නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

June 17, 2025 - 10:21 AM
ඇමරිකාව වෙත නැව්ගත කරන බ්‍රිතාන්‍යයේ මෝටර් රථ සඳහා තීරු බදු අඩු කිරීමට අදාළ විධායක නියෝගයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කර තිබෙනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය මාසයේ දෙරට අතර එකඟ වූ තීරු බදු ගිවිසුම ක්‍රමානුකූලව බලාත්මක කරමින් ට්‍රම්ප් මෙම නියෝගයට අත්සන් කර ඇති බවයි. 

මෙම පියවර දෙරටටම ඉතා වැදගත් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පෙන්වා දී තිබෙනවා. 
 
(lknews)