සබරගමුව සරසවියේ සිව්වන වසරේ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට

January 29, 2024 - 9:54 AM

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවියකට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සිව්වන වසරේ සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 1997 ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව සමනලවැව පොලිසිය විසින්.

අත්අඩංගුවට ගත් සිසුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් ඊයේ (28) සමනලවැව පොලිස් ස්ථානයට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිසුන් අවුරුදු 23, 24 සහ 25 යන වයස්වල පසුවන මොරවක, රුක්ගහවිල, අලුත්තාරාම, ඉමදූව සහ කිතලාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

(lknews.lk)