සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් මියයයි

October 18, 2023 - 6:43 PM
කොළඹ කාසල් රෝහලේදී ඊයේ (17) මවක බිහි කළ දරුවන් හය දෙනාගෙන් එක් දරුවකු අද පස්වරුවේ මියගොස් තිබෙනවා. 

ඒ, නව ඡන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 
 
ග්‍රෑම් 400ක පමණ බරකින් යුතු එම දරුවාගේ පෙනහළුවල ආබාධයක් පැවතීම හේතුවෙන් දරුවා මියගිය බවයි කොළඹ රිජ්වේ ළමා රෝහලේ වෛද්‍යවරු පැවසුවේ. 
(lknews.lk)