ක්‍රිකට් තහනම ඉවත් කිරීම ගැන නව ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සුබවාදී පිළිතුරක්

December 05, 2023 - 8:30 AM
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පැනවූ තහනම ළඟදීම ඉවත් වනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසය පළ කරන බව පවසනවා. 

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම ඉවත්කරගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගත් බවයි. 
 
එමෙන්ම ඒ සඳහා ICC විසින් ලබාදෙන ලිපිය මේ සතිය තුළ ලබාගැනීමේ හැකියාව තිබෙන බව ද ඔහු සඳහන් කළා. 
 
මේ අතර ශම්මි සිල්වාට එරෙහිව ඇති චෝදනා තමන් ICCයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසුවා.
(lknews.lk)