ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර සහයෝගීතාවයක්

September 20, 2023 - 11:52 AM
අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව අවදානය යොමුව තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර ඊයේ (19) පැවැත්වූ හමුවේදීයි.

ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

මීට අමතරව කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.
(lknews.lk)