කෑගල්ල රිලා කරදරයට මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විසඳුමක්

February 15, 2024 - 9:32 AM
කෑගල්ල දිස්ත්‍රික්කයේ රිලවුන්ගෙන් ගොවිතැනට සිදුවන හානී අවම කර ගැනීමට සිය විමධ්‍යගත අරමුදලින් වායූ රයිෆල ලබාදීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

ගොවි ජනතාවට සිය වගා කටයුතු පවත්වාගෙන යාමට රිලවුන්ගෙන් බාධාවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(LKNEWS)