අගමැතිගෙන් චීනයේදී ප්‍රකාශයක්

March 29, 2024 - 11:20 AM
චීනයේ හයිනන් නුවර පැවති ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහභාගී වී තිබෙනවා.

එහිදී විශේෂ ආමන්ත්‍රණයක් සිදු කළ අග්‍රාමාත්‍යවරයා ආදායම සාධාරණ ලෙස බෙදී යන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැගීමට කැපවන ලෙස සියලු ආසියානු රටවලින් ඉල්ලීමක් සිදු කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

එමෙන්ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැහැදිලි කිරීමක් සිදු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය කියා සිටියා.

(lknews.lk)