නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්
May 19, 2025 - 9:42 AM
අධිකරණ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදු කර තිබෙන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවයි.
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති බවත් කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසට නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
(lknews)