ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

July 27, 2024 - 12:17 PM
ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පෙර ලියාපදිංචි වූ ගමන් බලපත්‍ර අයදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන ලෙසයි.

පූර්ව ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙසට නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩි දුරත් සඳහන් කරන්නේ.

එම ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ලබාගැනීමේ අවස්ථාව හිමිවන්නේ ප්‍රමුඛතා ක්‍රමවේදයකට අනුකූලවයි.
(lknews)