අධිවේගී මාර්ගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ නිවේදනයක්

May 21, 2025 - 8:40 AM
අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සහ මීරිගම - කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටුවලදී කාඩ්පත් මඟින් මුදල් ගෙවීමේ සලසා ඇති බවයි.

අන්තර් හුවමාරු 35ක් සහ පිටවීම් ගේට්ටු 119ක් තුළ අදාළ සේවා පහසුකම් අද සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

 (lknews)